ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් අතරින් සිවුවැනි තැනට

බොලිවුඩ් සිනමාවේ ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් අතර සිවුවැනි ස්ථානයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගියදා නිකුත් කර ඇති ලොව ධනවත්ම නළුවන් දසදෙනාගේ ලැයිස්තුවට අනුව ෂාරුක් ඛාන් අමෙරිකානු ඩොලර් මිලියන 770ක වත්කමකට හිමිකම් කියමින් සිවුවැනි තැනට පත්ව සිටින බවයි වාර්තාවන්නේ.
අමෙරිකාවේ ප්‍රහසන නළුවන් දෙදෙනකු වන ජෙරී සෙයින්ෆෙල්ඩ් සහ ටයිලර් පෙරී එම ලැයිස්තුවේ පිළිවෙළින් පළමු හා දෙවැනි ස්ථානවල පසුවන අතර, ඔවුන්ගේ වත්කම ඩොලර් මිලියන දහසක් බැගින් වන බව වැඩිදුරටත් වාර්තාවනවා.
අමෙරිකාවේ තවත් සුපිරි නළුවකු වන ඩ්වේන් ජොන්සන් ඩොලර් මිලියන 800ක වත්කමකට හිමිකම් කියමින් තුන්වැනි තැන පසුවනවා.
එම ලැයිස්තුවේ ෂාරුක්ට වඩා එක් ස්ථානයක් පසුපසින් සිටින සුපිරි නළු ටොම් කෲස් ඩොලර් මිලියන 620ක වත්කමකට හිමිකම් කියන අතර, ඩොලර් මිලියන 520ක වත්කමක් සහිත ජැකී චෑන් 6 වැනි තැන සිටින බවයි සඳහන්වන්නේ.