ක්‍රීඩා

ෂේන් වෝන්ගේ අවසන් කැමති පත්‍රය එළියට

දිවියෙන් සමුගත් හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ වත්කම් ඥාතීන් අතරේ බෙදා දෙන ආකාරය ද එහි සඳහන්.

මෙහිදී සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත අනුව ඔහුට අයත් ඉඩම් වත්කම් දරුවන් තිදෙනා අතරේ බෙදා දීමට තීරණය කර ඇත.

ඒ අනුව ඩොලර් මිලියන 20.7ක් වටිනා ඉඩම් වත්කම් ඔහුගේ දරුවන් අතරේ බෙදාදීමට නියමිතයි.

මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම වත්කම් අතරින් සියයට 7.5ක ප්‍රමාණයක් සිය සහෝදරයා ඇතුලු ඥාතීන් තිදෙනෙකු වෙත පැවරීමටද සිය අවසන් කැමැත්තේ සඳහන් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඔහුගේ හිටපු බිරිඳ වෙත සිය දේපළවලින් කිසිවක් පැවරීමට කටයුතු කර නොතිබෙන අතර ෂේන් වෝන්ට අයත් සියලුම රථවාහන ඔහුගේ පුත්‍රයා වෙත පවරාදීමට කටයුතු කර තිබීම ද තවත් විශේෂත්වයක්.

එසේම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ෂේන් වෝන්ගේ පුද්ගලික ණය සහ සෙසු බැංකු ගිණුම්වල ඇති අතිවිශාල ධනයද බෙදී යන ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් කර ඇති බවයි .

පසුගිය වසරේ මාර්තු මාසයේදී තායිලන්තයේ සංචාරයක් අතරතුරදී හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් දිවි ගමන නිමා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button