දේශීය

කංසා ගැන නීති වෙනස් වෙන ලකුණු

අත්අඩංගුවට ගන්නා කංසාවලින් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනු ලබන ප්‍රමාණය හැර සෙසු ප්‍රමාණය ඖෂධ සකස් කිරීමට ආයුර්වේද සංස්ථාවට භාරදීම සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරිම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

එම අමාත්‍යංශය සදහන් කළේ ඊට අදාළ ක්‍රමවේදයක් සකස් කිරීම සදහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැති බවය.

අත්අඩංගුවට ගන්නා කංසා ආයුර්වේද සංස්ථාවට භාරදීමට පෙර භාරදුන් ප්‍රමාණය හා විනාශ කරන ලද ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එහිදි උපදෙස් ලබාදී තිබේ.

අධිකරණ අමාත්‍යංශය සදහන් කළේ ආයුර්වේද සංස්ථාවට භාරදෙන ලද කංසා ආයුර්වේද සංස්ථාව දක්වා ප්‍රවාහනය කිරීම, එහි ආරක්ෂාව ඇතුළු වගකීම් පොලීසිය විසින් භාර ගත යුතු බවට එහිදී යෝජනා වු බවය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button