දේශීය

නත්තලට බිත්තර නැතිවන ලකුණු.

බිත්තර මිල පාලනය කිරීමෙන් ඉදිරියට එන නත්තල් සමයට බිත්තර නිකුත් කිරීමේ හැකියාවක් නොලැබෙනු ඇති බව බිත්තර නිෂ්පාදනයට අදාළ පාර්ශව විසින් ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සත්ව ඖෂධ නිෂ්පාදකයින් සහ ආනයනකරුවන්ගේ සංගමය නියෝජනය කළ උදිත වනිගසිංහ මහතා පැවසුවේ ඉදිරි නත්තලට සහ ලබන අවුරුදු සමය සඳහා බිත්තර නිසි පරිදි වෙළෙඳපොළ වෙත නිකුත් වීමට නම් මේ වන විට කුකුල් පැටවුන් අභිජනන කාර්ය නිසි ලෙස සිදුවිය යුතු බවය.

ඒ සඳහා බිත්තර ගොවිපොළවල් ආරක්ෂා කරගත යුතු වන අතර ඒ සඳහා මිල සුරක්ෂිත විය යුතු බවයි ඔහු කියා සිටියා.

දැනටමත් බිත්තරයක් සඳහා රු.49ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන හෙයින් අලෙවිය සඳහා සාධාරණ මිලක් ලබා දිය යුතු බවටයි එම නිෂ්පාදකයින් රජයෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button