දේශීය

PHI ඝාතනය ගැන හොයන්​න පොලිස් කණ්ඩායම් හයක්

කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුරගමදී නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (27) ජිවිතක්ෂයට පත්වූ   කරන්දෙණිය ප්‍රාදේශී​ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා‌ගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වනවිට යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වන දීපල් රොෂාන් කුමාර නැමැති පුද්ගලයා​ මෙලෙ​ස වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

සිය කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ වෙනමම විශේෂ පොලිස් කණ්ඩායමක් මෙ​ම ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීම සදහා යෙදවූ බවද එම කාර්යාලය පැවසූ බවයි වාර්තාවන්නේ.

මේ වනවිට මේ ඝාතනය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් තවමත් හදුනාගෙන නැති බවත් ඉදිරි දිනවලදි බොහෝවිට එය අනාවරණය කරගත හැකි බවද ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කළා.

Related:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button