සමහර නාලිකා බොරු පුවත් හදන්න පටන් අරන් – අනුර
සමාජය තුළ අරාජිකත්වයක් නිර්මාණය කිරීම සඳහා මාධ්‍ය නාලිකා මෙන්ම දේශපාලනයද කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ මාතර ජනතා රැලිය අමතමින්.
ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ, අලුතින් පත්වූ රජයට ශක්තිමත්භාවයක් ගොඩනඟාගැනීමට ඉඩ නොදී ඊට බාධා කිරීමේ අරමුණෙන් ඇතැම් මාධ්‍ය නාලිකා අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට පටන්ගෙන ඇති බවයි.
ඇතැම් මාධ්‍ය නාලිකා ආණ්ඩුව මුදල් අච්චු ගැසූ බවට මුලින් සඳහන් කර පසුව එය වෙනස් කළ බවත්, තවත් සමහර මාධ්‍ය නාලිකා ආරුගම්බේ සිද්ධියේ බුද්ධි තොරතුරු ලැබුණේ ඉන්දියාවෙන් බවත්, තොරතුරු ලබාදෙන අයට ලක්ෂ 50 බැගින් මුදල් ද ලබාදුන් බවට සඳහන් කළ බවත්, ඒවා සම්පූර්ණ අසත්‍ය බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසුවා.
“අසත්‍ය කරුණු මාධ්‍ය තුළ වාර්තා කරන්න පටන් ගත්තා, මෙහි යම් අරමුණක් තියෙනවා. මේ අරමුණ තමයි, අපි බලය අරගෙන ඉතා කෙටි කාලයයි, අපිට බලය තියෙන්නේ ස්ථාන කිහිපයක විතරයි, දේශපාලන බලය සාමාන්‍යයෙන් තහවුරු වෙන්නේ ආයතන ගණනාවක ශක්තිමත් භාවයෙන්…කැබිනට් මණ්ඩලයේ අපි ඉන්නේ තුන් දෙනයි, ජනාධිපති අගමැති, ඇමති තුනයි. ලෝකෙම ඉතිහාසගත වෙන කැබිනට් මණ්ඩලයක්..අලුත් ආණ්ඩුවක්, කුඩා කැබිනට් මණ්ඩලයක් එතකොට ඒගොල්ලො කල්පනා කරනවා ශක්තිමත්භාවයක් ගොඩනඟන්න ඉඩ නොදෝ මේක හොල්ලන්නේ කොහොමද කියලා, ඒ සඳහා තමයි අසත්‍ය ප්රවෘත්ති නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ”