දේශීය
පාස්පෝට් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන විශේෂ විගණනය අවසන්
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණනය අවසන් කර තිබෙනවා.
විගණකාධිපති දෙපාර්තමේන්තුව සදහන් කළේ, එම වාර්තාව සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර ඇති බවයි.
එම නිරීක්ෂණ ලැබීමෙන් අනතුරුව විගනකාධිපති නිර්දේශ ද ඇතුළත් කොට වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරිමේ වැඩපිළිවෙළ හේතුවෙන් ගමන් බලපත්‍ර නිකුත් කිරිම ගැටලු සහගත තත්ත්වයකට පත් වුණා.
මේ හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල ඉදිරිපිට දක්නට ලැබුණේ දිගු පෝලිම්.
පවතින විදේශ ගමන් බලපත්‍ර පොත් හිඟයට විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.