දේශීය

ආදායම් බදු ගෙවීම ගැන විශේෂ දැනුම්දීමක්

ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම් බදු ගෙවීම සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

එම නිවේදනයට අනුව බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම්, ඒ බව සනාථ කළ හැකි ලේඛන මාර්ගගත ක්‍රමය යටතේ දෙපාර්තමේන්තුව වෙත 2024.11.30 දිනට ප්‍රථම ඉදිරිපත් කළ යුතුයි.

ඒ අනුව 2023.04.01 දින සිට 2024.03.31 දින දක්වා එනම් 2023/2024 තක්සේරු වර්ෂයට නියමිත ආදායම් වාර්තා යොමුකිරීමේ පහසුකම www.ird.gow.lk යන දේශීය ආදායම් වෙබ් අඩවියේ දැක්වෙන ඊ සේවාවට පිවිසීමෙන් ලබා ගත හැකියි.

මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම වෙනුවෙන් 2023 වසරේදී හඳුන්වා දෙනු ලැබූ TIN අංකය යටතේ 2023/2024 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවිය යුතු පුද්ගලයන් සංඛ්‍යාව 868,009ක් දක්වා ඉහළ ගිය බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

මෙම ක්‍රමය හඳුන්වාදීමට පෙර එනම් 2022/2023 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතුව තිබී ඇත්තේ 333,313ක පුද්ගල සංඛ්‍යාවක් බවද එහි දැක්වෙනවා.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුව මසකට රුපියල් 100,000කට වැඩි හෝ වර්ෂයකට රුපියල් 1,200,000කට වැඩි ආදායම් හෝ ලාභ උපයනු ලබන පුද්ගලයන් වාර්ෂිකව ආදායම් වාර්තාවක් ඉදිරිපත් කර බදු ගෙවිය යුතුයී.

එහෙත් වාර්ෂික ආදායම හෝ ලාභය රුපියල් 1,200,000ට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයන් ආදායම් බදු ගෙවිය යුතු නැති අතර, දැනටමත් ගෙවීම් පත්‍රිකා ලැබී ඇත්නම් ඒවා නොසලකා හැරිය හැකියි.

තමාගේ ආදායම් ප්‍රකාශිත වාර්තාවක් මාර්ගගත ක්‍රමය භාවිතා කරමින් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි.

යම් පුද්ගලයකුට ආදායම් වාර්තාව මාර්ගගත ක්‍රමය භාවිතයෙන් එවීමට අපහසුතාවයක් වේ නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ වෙනස්විම් කළමනාකරණ අංශය, මධ්‍යම ලේඛන කළමනාකරණ අංශය හෝ බිම් මහලේ දී හෝ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට පැමිණ ඒ සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමේ පහසුකම සලසා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button