ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ලැබුණු බවයි.
මෙවර LPL තරඟාවලියේ දක්ෂතා අතර සිටි චමිඳු වික්‍රමසිංහ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.
නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් වනිඳු හසරංග නායකයා ලෙස පත්කළ අතර ශ්‍රී ලංකාව ලද පරාජයෙන් පසු වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වන බව පසුගියදා සඳහන් කළා.
ඒ අනුව ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා 20 -20 කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමිව තිබෙනවා.
නිමාවූ LPL තරගාවලියේදී ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේද චරිත් අසලංකයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය පහතින් දැක්වේ.
චරිත් අසලංක (නායක)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
දසුන් ශානක
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
මතීෂ පතිරණ
නුවන් තුෂාර
දුනිත් වෙල්ලාලගේ
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
දිනේෂ් චන්දිමාල්
අවිශ්ක ප්‍රනාන්දු
චමිඳු වික්‍රමසිංහ
තරඟ තුන බැගින් සමන්විත එක්දින සහ 20යි 20 ක්‍රිකට් තරඟාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා.
මුලින්ම 20යි 20 ක්‍රිකට් තරඟ 03කින් සමන්විත ක්‍රිකට් තරඟාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ඉන්පසුව කොළඹ කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 2, 4 සහ 7 යන දින තුන තුළ පස්වරු 02.30ට එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි.