දේශීය

ශ්‍රී ලංකාව ලකුණු 602කදී ඉනිම අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන, දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද (27) ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිම සඳහා ලකුණු 602ක් ලබාගත්තා.

ඒ කඩුලු 05ක් දැවීයාමෙන් අනතුරුවයි.

ඉන් අනතුරුව, ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

එහිදී කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106ක් රැස්කළා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 88ක්ද රැස් කිරීමට සමත් වුණා.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී, ලකුණු 141කට කඩුලු 03ක් දවා ගැනීමට Glenn Phillips සමත් වුණා.

මේ අතර කමිඳු මෙන්ඩිස් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් සම කිරීමට සමත්වුණා.

ඒ අඩුම ටෙස්ට් තරඟ ගනණකින් ලකුණු 1000ක් ලැබූ පිතිකරුවන් අතර තෙවන තැනට පත් වෙමින්.

ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ද තරඟ 7 ඉනිම් 13කින් ලකුණු 1000 සම්පුර්ණ කර ඇති අතර කමිඳු මෙන්ඩිස් තරග 7 ඉනිම් 13 කින් ලකුණු 1000 සම්පූර්ණ කර තිබෙනවා.

1950 වසරෙන් පසු වේගවත්ම ටෙස්ට් ලකුණු 1000ක් රැස් කළ පිතිකරුවා වීමටද කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button