ව්‍යාපාරික

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Petsurance නමින් නව රක්ෂණ සැලසුමක් දියත් කරනු ලබයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නැවතත් ශ්‍රී ලංකා රක්ෂණ වෙළෙඳපොළට Petsurance නමින් නව්‍ය  නිෂ්පාදිතයක් හඳුන්වාදී තිබෙනවා.

මෙම නව රක්ෂණ සැලසුම දියත් කර ඇත්තේ, ලෝක සත්ව දිනයට සමගාමීවයි.

මෙම පුළුල් රක්ෂණාවරණය සලසා ඇත්තේ,  සුරතල් සතුන් හිමිකරුවන් සඳහා වන අතර මෙමගින් ඔවුන්ගේ සුරතලූන්ගේ වෛද්‍ය ප්‍රතිකාර වියදම් ආවරණය කරමින් මුල්‍ය ආරක්ෂාව සහතික කරනු ලබනවා.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  සමාගම “Petsurance”  වෛද්‍ය රක්ෂණාවරණය මගින් ආවරණය කරනු ලබන්නේ, සංජානනීය සහ පෙර පැවති තත්වයන් හැර හදිසි රෝගාබාධ සහ අසනීප සඳහා බවත්  මෙය  හදිසි අනතුරු තුවාල සඳහා ආවරණය සපයන අතර බවත්  එය උපරිම වශයෙන්  වසරකට රු. 550,000 ක් ආවරණය කරනු ලබන බවත්ය.

මෙම රක්ෂණ ආවරණය මඟින් සුරතල් සතුන් හිමිකරුවන්ට අධික පිරිවැයකින් තොරව තම සුරතල් සතුන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකියාවක් තිබෙන බව ඔවුන් සඳහන් කළා.

මෙම  රක්ෂණ ක‍්‍රමය හරහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම අපේක්ෂා කරනු ලබන්නේ සුරතල් සතුන් සඳහා හොඳම රැකවරණය සැපයීමට ඉඩ සලසමින් සුරතල් සතුන් හිමිකරුවන් සඳහාද රක්ෂණාවරණයක් සැලසීම බව  ඉන්ෂුවරන්ස්  සමාගම පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button