දේශීය

සංචාරයට ලොව හොඳම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

සංචාරය කිරීම සඳහා ලොව හොදම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ද පත්ව තිබෙනවා.

ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ නවතම වාර්තාවකට අනුව 2024 ගිම්හාන සෘතුවේ දී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය යන රටවල් නම් කර ඇති බව​යි වාර්තා වන්නේ.

මේ වසරේ පළමු කාර්තුව තුළ ලොව මිලියන 285ක පමණ පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 20%ක වැඩවීමක් බව සඳහන්.

ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකානුවන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට නියමිත අතර 2022,2023 කාලය තුළ පමණක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විදෙස් ගමන් බලපත්‍ර මිලියන 24ක් නිකුත් කර ඇති බව ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙනවා.

ෆෝබ්ස් සඟරාව පෙන්වා දී තිබෙන්නේ, මේ වසරේ ගිම්හාන සෘතුවේ දී සංචාරකයින් යුරෝපා රටවලින් ඈත්ව සිටිය යුතු බවයි.

සංචාරය කිරීම සඳහා වඩාත්ම සුදුසු ගමනාත්ත ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය හඳුන්වා දිය හැකි බව එම වාර්තාවේ සඳහන් වනවා.

ශ්‍රී ලංකාව සශ්‍රීක උස්බිම්වලින් සහ විස්මිත වෙරළ තීරයන්ගෙන් යුත් දූපතක් වන අතර බාලි හා සමාන සංචාරක ආකර්ෂණයක් පවතින බව ෆෝබ් සඟරාව පෙන්වා දෙනවා.

සංචාරකයින් සඳහා සුඛෝපභෝගී මට්ටමේ පහසුකම් ශ්‍රී ලංකාව තුළ පවතින අතර ස්වභාව සෞන්දර්ය අත්විඳීම සඳහා ජාතික වනෝද්‍යාන 22ක් ද පවතින බව එම වාර්තාවේ සඳහන්.

දරුණු ආර්ථික අර්බුදයෙන් සහ මෑත කාලීන සිදුවීම්වලින් සුවය ලබමින් සිටින ශ්‍රී ලංකාව මේ වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පෙරමුණේ පසුවන බව ෆෝබ්ස් සඟරාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button