ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (05) ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගය පස්වරු 03.00ට ආරම්භ වන අතර, මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක්.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

මේ අතර, ඊයේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී පැවැත්වූ ඉන්දියා-නේපාල තරගයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු කිසිවක් නොදැවී පන්දි 17ක් ඉතිරිව තිබියදි ලකුණු 147ක් ලබා ගනිමින් ජය වාර්තා කිරීමට ඉන්දියානු කණ්ඩායම සම්ත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button