STF අධිවේගී මාර්ග ආරක්ෂාවෙන් ඉවත් කිරීමේ සූදනමක්

අධිවේගී මාර්ගයන්හි රාජකාරියේ නිරත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් එම සේවාවලින් ඉවත් කරගැනීමේ සූදානමක් පවතින බවට පුවතක් වාර්තාවනවා.
කෙසේවෙතත් මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් අධිවේගී මාර්ග භාවිත කරන්නන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත්වනු ඇති බවයි.
මෙරට අධිවේගී මාර්ග පද්ධති ආරම්භ කර මේ වනවිට වසර 12කට අධික කාලයක් ගතවී ඇති බවද සඳහන්වනවා.
එම කාලසීමාව තුළ ඒවායේ රාජකාරියේ නිරත පොලිස් විශේෂ කාර්ය බළකාය සෙබළුන්ගෙන් ඉටුවන්නේ මිල කළ නොහැකි සේවාවකි.
අධිවේගී මාර්ගවල ධාවනය වන රථවාහන යම් ආපදාවකට ලක්වන අවස්ථාවකදී පියවර ගත යුතු ආකාරය පිළිබඳ මනා පුහුණුවකින් යුත් විශේෂ කාර්ය බළකා සෙබළුන් ගෙවී ගිය වසර 12ක කාලය තුළ බේරාගත් මිනිස් ජීවිත සංඛ්‍යාවද සියයකට අධිකයි.
මෙවන් පසුබිමක, පාතාලය මර්දනය කිරීමේ රාජකාරි වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අධිවේගී මාර්ග රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව දන්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇති බවද වාර්තාවනවා.