දේශීය
සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා මියගොස් තිබෙනවා.
ඒ මහතා මියයන විට 89 වැනි වියෙහි පසු වුණා.
හන්තානේ කතාව, පෙම්බර මධු, ඉන්දුට මල්මිටක් ඇතුළු සම්මානනීය ජනප්‍රිය චිත්‍රපටි රැසක නිර්මාණ අධ්‍යක්ෂකවරයා ලෙස ඔහු කටයුතු කර තිබෙනවා.
සිනමාවට කලාකරුවන් රැසක් හඳුන්වා දෙමින් විශ්වවිද්‍යාල සිනමා පාඨමාලාවල බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ සුගතපාල සෙනරත් යාපා මහතා කලක් ජාතික රූපවාහිනියෙහි නියෝජ්‍ය අධ්යක්ෂවරයකු ලෙසද කටයුතු කළා.