ක්‍රීඩා

ඉන්දියාවට සුපිරි ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම  ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායනට අරාධනා  කළා .

ඉන්දීය ආරම්භ පිතිකරුවන් වන නායක රෝහිත් ශර්මා  සහ ශුබ්මන් ගිල් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 121ක සබඳතාවක් ගොඩනැගුවා.

එහිදි ශුබ්මන් ගිල් ලකුණු 58ක් සහ රෝහිත් ශර්මා  ලකුණු 56ක් බැගින් ලබාගත්තා.

කෙසේවෙතත් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24යි එක් පන්දුවක් තුළ කඩුලු දෙකක් පමණක් බිඳවැටී ලකුණු 147ක් ලබා සිටියදි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව, 10වැ නිදා  තරගයට වර්ෂාවෙන් බාධා   එල්ලවීමත් සමග අතිරේක දිනය වූ අද ඊයේ පස්වරු 3 දක්වා  තරගය කල්දමනු ලැබුවා.

එහිදී ඊයේ පස්වරුවේ කොළඹ ආර් ප්‍රේමදාස පිටිය අවට වර්ෂාව පැවතීම හේතුවෙන් තරගය ආරම්භ කෙරුණේ පස්වරු 4.40ටය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් තරගයේ පන්දුවාර අඩුකිරීමක් සිදුවූයේ නැහැ.

තරගය ආරම්භ කරමින් ඊයේ දිනයේ පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 356ක් රැස්කරගැනීමට සමත් වුණා.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිකරණයක නියැලුණු කෝලි සහ කේ එල් රාහුල් ශතකය බැගින් රැස්කිරීමටද, කෝලි එක්දින පිටියේ ලකුණු 13,000 සීමාව පසුකර යාමටද සමත් වුණා.

හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමග පන්දු 94කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට ලකුණු 122ක් ඇතුළත් වුණා.

හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සමග විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කේ එල් රාහුල් පන්දු 106කදී ලකුණු 111ක් රැස්කරගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button