ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයේ සැකකරුවන් නිදහස්
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර විසින් අද (01) නඩුව කැඳවූ අවස්ථාවේදී නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
එලෙස නිදොස් කොට ඇත්තේ, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන් සහ සෙනරත් ලක්ෂමන් කුරේ නැමැති සැකකරුවන් දෙදෙනායි.
2008 වර්ෂයේ අප්‍රේල් මස 6 වෙනිදා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් 84 දෙනෙකු ඝාතනය කිරීමට තැත්කිරීම, එම ඝාතන කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 31ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු කොටි සාමාජිකයකු වන සෙල්වරාජා තිරුබාකරන් ගම්පහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේට එරෙහිව මෙලෙස චෝදනා ගොනු කර තිබුණා.