දේශීය

විදුලි බිල වැඩි කිරීමෙන් තේ කර්මාන්තයටත් අවධානමක්

විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් තේ කර්මාන්තශාලා වැසී යාමේ අවධානමක් පවතින බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා.

මේ බව එහි සභාපති නිශාන්ත පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ, ඊයේ(23) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විදුලි බිල වැඩි කිරීමට හේතුවී ඇත්තේ විදුලි බල මණ්ඩලයේම වරදින් බවත් වර්තමාන සහ පැරණි දේශපාලඥයින් මේ සඳහා වගකිව යුතු බවත් පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් පවසනවා.

මේ අතර, විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ(23) රාත්‍රීයේදි පන්දම් විරෝධතා ක්‍රියාත්මකවූ අතර කටුගස්තොට,හලාවත,මහරගම,වෙන්නප්පුව, දඹුල්ල යන ප්‍රදේශවලද මෙම විරෝධතා සංවිධානය කර තිබූ බව පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button