දේශීය

පැය 10ක් විදුලිය කැපීම අනවශ්‍යයි – ජනක රත්නායක

අද (25) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා විසින් ඉදිරියේදී පැය 10ක් දක්වා වූ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැති බවට සඳහන් කර තිබෙනවා.

තවද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ඉදිරි සති දෙක තුල සිට දෛනිකව සැපයීමට පොරොන්දු වූ බවත්, මේ නිසා පැය 6කට වඩා සිදු වූ විදුලි කප්පාදුව ඉදිරියේදි අඩු වනු ඇති බවත් සභාපතිවරයා විසින් පවසා තිබෙනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button