දේශීය
අලුත් ආණ්ඩුවක් හදන්න ටෙන්ඩර් කැඳවයි
පාර්ලිමේන්තුවේ 113ක බහුතර සහායක් කුමන හෝ පාර්ශ්වයක් පෙන්වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පැවසූ බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් උද්ගත වී ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ඇරයුම් කර තිබූ පසුබිමක මෙලෙස නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.
තවද, 113ක කණ්ඩායමක් සකසාගෙන පැමිණියහොත් නව ආණ්ඩුවක් සැකසීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතාද සඳහන් කර තිබෙනවා.