දේශීය
පරිපාලන සේවා සංගමය වර්ජනයේ සැර අඩු කරයි
ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත්වීමට ගන්නා ලද තීරණය අද දින විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව අතහැර දැමීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබෙනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ වගකිවයුතු සංගමයක් වශයෙන් දැඩි ආර්ථික දුෂ්කරතාවලින් මිරිකෙමින් සිටින ජනතාව අපහසුතාවයට පත් කිරීමට හා රට අරාජික තත්ත්වයට පත්වීමට ඉඩ හැරිය නොහැකි හෙයින් එම තීරණයට පැමිණි බවය.
ඒ අනුව, අත්‍යවශ්‍ය මහජන සේවා සහ ආපදා සහන සේවා සැපයීම සඳහා එම සංගමය විසින් කටයුතු කෙරෙන බව දැනුම් දේ.
නමුත්, දැනට පත් කර ඇති දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මින් ඉදිරියට පිළිනොගැනීමටත්, ස්ථාවර ආණ්ඩුවක් පත්කරන තුරු දේශපාලඥයින් සහභාගී වන කිසිඳු රැස්වීමකට සහභාගී වීමෙන් වළකින බවත් නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනය පහතින්,