දේශීය

රංජිත් නිසා රත්වූ මැතිසබය

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ පුත්‍රයාද ඊට සහභාගිවී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කර තිබෙනවා.

ඒ, අද (16) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එහිදී කෝප් කමිටුව තුළ තමාගේ කට වසා ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළ අතර, එවැනි පසුබිමක රංජිත් බණ්ඩාරගේ පුත්‍රයා කෝප් කමිටුවට සහභාගි වූයේ කෙසේද යන්න පිළිබඳ ඔහු ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබා දුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, තමා එවැන්නක් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි.

එසේම කෝප් කමිටුවට පිටස්තර පුද්ගලයකුට සම්බන්ධ විය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාගේ කෝප් කමිටු සභාපතිත්වයෙන් ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට තමා සූදානම් නැටි බව කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.

කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාරගේ පුතා කෝප් කමිටුවේ වාඩි කරගෙන සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසු ඇතිවූ සංවාදයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button