ක්‍රීඩා

ආසියානු ක්‍රිකට් ශූරයින් සොයා යන සටන අදින් ඇරඹෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30) පාකිස්තාන සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වෙනවා.

ඒ අනුව, තරගාවලිය සඳහා “ඒ” කාණ්ඩය යටතේ ඉන්දියාව, නේපාලය සහ පකිස්ථානය සහභාගී වන අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, සහ ශ්‍රී ලංකාව “බී” කාණ්ඩය යටතේ සහභාගී වනවා.

එහිදී තරග 4ක් පාකිස්තානයේ පැවැත්වෙන අතර, ඉන්දු – පාකිස්තාන තරගය සහ අවසන් මහා තරගය ඇතුළුව තරග 9ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය අද පකිස්තානය සහ නේපාලය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පාකිස්තානයේ මුල්තාන්හි දී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය හෙට (31) පල්ලෙකැලේ ක්‍රීඩංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

අවස්ථා 7කදී ආසියානු ශූරයින් බවට පත් වූ ඉන්දියාව තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන අතර, වත්මන් ආසියානු ක්‍රිකට් ශූර ශ්‍රී ලංකාව ජයගෙන ඇති කුසලාන සංඛ්‍යාව 6ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button