දේශීය
ටෙඩිබෙයා’ සමඟින් අවසන් ගමන් ගිය සුරූපි පොලිස් නිලධාරිනිය
පසුගිය 11 වැනිදා ගලේවෙල, දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් කොස්තාපල්වරියගේ අවසන් කටයුතු ඊයේ (13) සිදු කර තිබෙනවා.
එහිදී සියල්ලන්ගේම ඇසට කඳුළක් එක් කරමින් ඇය වඩාත් ප්‍රිය කරන ‘ටෙඩිබෙයා’ ඇයගේ දේහය තැන්පත් කර තිබුණු පෙට්ටිය මත රඳවා තිබීම සියල්ලන්ම වඩාත් සංවේදී වූ අවස්ථාවක්වී තිබෙනවා.
එසේම එහිදී සඳහන් වෙන්නේ, ඇයගේ දේහය භූමදානය කරන විට ටෙඩිබෙයා සමඟ භූමදානය කෙරුණු බවයි.
ජීවිතක්ෂයට පත්වන විට ඇය 25 හැවිරිදි වියේ පසු වුණු අතර, ඇය පේදුරුතුඩුව පොලීසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරියක්.