විදෙස්

හමාස් තුවක්කුවට බිළිවූ සුරූපිනිය

ඔක්තෝබර් 07 වනදා හමාස් වෙඩික්කරුවන් ගාසා – ඊශ්‍රායල් දේශසීමාවේ පිහිටි ජනපද සහ සංගීත උත්සවයක් ඉලක්ක කර සිදුකළ ආක්‍රමණයෙන් 1,400ක් පමණ මියගොස් තිබෙනවා.

ඒ අතර සිටි එක් සුරූපී තරුණියක් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබුණා.

23 හැවිරිදි ශානි ලූක් නෝවා සංගීත උත්සවයට එක්ව සිටියදී හමාස් සටන්කරුවන් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

ඇය ඊශ්‍රායල – ජර්මන් සම්භවයක් සහිත තරුණියක්වන අතර ඇයගේ අඩ නිරුවත් සිරුර කැබ් රථයක දමාගෙන ගාසා තීරයේ ප්‍රදර්ශනය කිරීමට හමාස් සාමාජිකයින් කටයුතු කළේ මිනිස්කමට නිගා කරමින් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

බොහෝ පිරිසක් ඇය සිහිසුන්ව සිටින බව සිතුවත් නමුත් ඇය මරණයට පත්වී ඇති බවට තහවුරු වුණු බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා.

ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, ශානිගේ සිරුරු කොටස් හමුවූ බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව ඇය මියගොස් ඇති බවට තහවුරු කරගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button