දේශීය
සංස්කෘතික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මත වේ

බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 39කින් සම්මතවී තිබෙනවා.
ඊට පක්ෂව ඡන්ද 44ක් හිමිවී ඇති අතර විපක්ෂව ඡන්ද 05ක් හිමිවූ බව පාර්ලිමේන්තු සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ලබන වර්ෂය සදහා විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය ඊයේ (06) පැවැත්වුණා.
එහිදී අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජි.ජී.පොන්නම්බලම් මහතා මෙම වැය ශීර්ෂය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරනු ලැබුණා.
එම විවාදය අතරතුරදී ඉරිදා දින උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනව.