දේශීය

පුංචි ඡන්දෙ ගැන තීරණයට ලබන 4 වැනිදා කොමිසම රැස්වේ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව ලබන අප්‍රේල් මස 04 වන දින කොමිෂන් සභාව යළි රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේ පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (28) දිනයේ ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද එය දින නියමයක් නොමැතිව කල් දමන බවයි.

ඒ අනුව අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම ද නොපැවැත්වෙනු ඇත.

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව අදාළ සාකච්ඡාව ඉදිරි දින කිහිපය තුළ පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button