දේශීය

පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන තීරණය සඳුඳා

2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (29) ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසා ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි 2024 ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇති බවයි.

එම දේශපාලන මණ්ඩල රැස්වීම ලබන  සඳුදා (29) දිනයේ දී පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

මේ වන විට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button