දේශීය

කෙහෙළියගේ පෙත්සමේ තීරණය කල් ගිහින්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධිකරණය අද (07) තීන්දු කර තිබෙනවා.

තමා ඉදිරි දිනවල විශ්‍රාම යාමට නියමිත හෙයින් මෙම නඩුවට අදාළ නියෝගය සකස් කිරීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොමැති හෙයින් සුදුසු තීරණයක් ගැනීම සඳහා එය අභියාචනාධීකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු D.N . සමරකෝන් මහතා නියෝග කළා.

ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ අදාළ පෙත්සමක් ලබන 14 වන දා කැඳවීමටද දින නියම වුණා.

එමෙන්ම මෙම පෙත්සමේ අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

Related:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button