දේශීය

මැතිවරණ කොමිසම යළි රැස් වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මෙම සතිය තුළ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ සාකච්ඡාව ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණාඒ අනුව අදාළ සාකච්ඡාව එම සතිය තුළ ලැබෙනු ඇති බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව යළි රැස්වීමට නියමිතව තිබෙන අතර

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පවතින ගැටලු සහ මැතිවරණ කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු පිළිබඳව අද (04) දිනයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button