දේශීය

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අද විවාදයට ගැනේ

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා .

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 වනදා පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී එම විවාදය මාසකින් කල් දැමීමට තීරණය වී තිබුණා .

එහෙත් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී  මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා .

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේ ඒ අනුව උදෑසන 10.30 සිට පස්වරු 5.00 දක්වා මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවය.

විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද නියමිතව තිබෙනවා .

මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සිය අප්‍රසාදය පල කළා . 

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සදහන් කළේ ආණ්ඩුව මැතිවරණය කල් දැමීමේ අරමුණින් මෙම පනත කඩිනමින් සම්මත කිරීමට උත්සාහ දරන බවය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button