විදෙස්

හමාස් දේශපාලන අංශයේ පළමු හා එකම කාන්තා සාමාජිකාව රොකට් ප්‍රහාරයකින් මරුට

හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ පළමු හා එකම කාන්තා සාමාජිකාව රොකට් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බව පලස්තීන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

68 හැවිරිදි ජමීලා අල් ෂැන්ටි නමැති එම කාන්තාව හමාස් සංවිධානයේ සම නිර්මාතෘ අබ්දෙල් අසීස්ගේ වැන්දඹු බිරිය බවත්, එම සංවිධානයේ කාන්තා අංශයේ නායිකාව බවත් පලස්තීන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ පළමු කාන්තා සාමාජිකාව ලෙස ඇය තෝරාගෙන ඇත්තේ 2021 වසරේදී බවද වාර්තාවන අතර  ඇගේ සැමියාවන  අබ්දෙල්  අසීස් 2004 වසරේ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button