දේශීය
හිටපු ජනපති තමාව ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණයක් ගැන පොතක් ලියලා
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2024/03/gotabaya-rajapaksha-.jpg)
“ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘතියක් රචනා කර තිබෙනවා.
හිටපු ජනාධිපති පවසන්නේ, 2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව එම කෘතියේ සඳහන් කර ඇති බවයි.
මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ජනාධිපතිවරයෙකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවකගේ සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයි” යනුවෙන් එහි පසු කවරයේ සඳහන්වනවා.
ඒ අනුව මෙම කෘතිය හෙට (07 ) නිල වශයෙන් එළිදැක්වීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කළා.