දේශීය

නිදහස් පක්ෂයත් ආණ්ඩුවට විරුද්ධව පාරට බසියි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් අමතමින් පවසා තිබෙන්නේ වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මින් ඉදිරියට කිසිඳු ගනුදෙනුවක් නොමැති බවයි.

තවද, ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව වර්තමාන ආණ්ඩුව කතා නොකරන අතර ඒවා ප්‍රශ්න ලෙස නොදකින බවද හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එබැවින්, මෙම තත්ත්වය තුළ ශ්‍රීලනිපය ආණ්ඩුව සමග යළි ගනුදෙනු නොකරන බවද සාකච්ඡා කිරීම් අවසන් බවද පාරට බැස රාජපක්ෂ පාලනය එපා කියන පිරිස් සමඟින් එකතුවන බවද සඳහන් කර තිබෙනවා.

එම හමුව ඇමතූ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබෙන්නේ රාජපක්ෂ පාලනයක් ඉදිරියටද පවතින්නේ නම් එම ආණ්ඩුවට එරෙහිව හෙට සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද විරෝධය නියැලෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button