දේශීය

නින්දෙන් ඇහැරුණු රජයට බෙහෙත් හිඟය දැනෙයි

රජයේ ඇතැම් රෝහල්වල ඇතැම් ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින අතර එම හිඟය කළමනාකරණය කර අඛණ්ඩව ඖෂධ සහ උපකරණ සැපයීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබෙනවා

මෙයට හේතුව ලෙස විදේශ විනිමය සොයා ගැනීමේ දුෂ්කරතා මධ්‍යයේ ණයවර ලිපි නියමිත වේලාවට විවෘත කිරීම ප්‍රමාද වීම ලෙස දක්වා තිබෙනවා.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර තවද, මේ වන විටත් ඉන්දියානු ණය පහසුකම යටතේ සහ ඖෂධ මිලදී ගැනීමට ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 10 ක අරමුදල ඖෂධ සහ උපකරණ ඇණවුම් කිරීම සඳහා යොදා ගැනීමට කටයුතු කර ඇථි බවට ඳහන් කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button