ක්‍රීඩා

ඉන්දීය කඩුලු රකින්නා අනතුරකට ලක්වෙයි

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා .

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, ඔහු නවදිල්ලි බලායන අතරතුර රූර්කී නම් ප්‍රදේශය ආසන්නයේදී එම අනතුර සිදු ව ඇති බවයි .

අනතුර සිදුවීමෙන් අනතුරුව රිෂාබ් ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා .

බරපතළ තුවාල ලබා ඇති රිෂාබ් මේ වනවිට ප්ලාස්ටික් සැත්කමට භාජනය කර ඇති බව ද වාර්තා වෙනවා.

රිෂාබ් ට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button