දේශීය
ආයෙත් හිස්වුණු පොලිස්පති පුටුව
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට තුන්වැනි වතාවටත් ලබාදී තිබූ සේවා දීර්ඝ කිරීම ඊයේ (24) දිනයේ අවසන් වුවද නව පොලිස්පතිවරයකු පත් කිරීමට රජය කටයුතු කර නැති බව වාර්තාවනවා.
ව්‍යවස්ථාදායක සභාවේ කිහිපදෙනෙකු කඩාකප්පල්කාරී ලෙස කටයුතු කිරීම නිසා නව පොලිස්පතිවරයකු පත් කිරීමට මේවනතුරු හැකිවී නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (23 ) ප්‍රකාශ කළා.
කෙසේවෙතත් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ නව පොලිස්පතිවරයකු පත් කිරීමට කටයුතු නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවයි.