දේශීය

නොරොච්චෝලේ ජාතික පද්ධතියට එක්කිරීම අද ආරම්භ වේ

දින 20කට ආසන්න කාලයක් අක්‍රීයව පවතින නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක්කිරීමේ කටයුතු අද (23) පස්වරුවේ සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, මෙහි සමස්ත ධාරිතාව වන මෙගාවොට් 270 හෙට (24) දිනයේ දී මුළුමනින්ම ජාතික පද්ධතියට එක්කර අවසන් කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබෙනවා

ජනන යන්ත්‍රයේ ඇතිවු ලිහිසි තෙල් කාන්දුවක් හේතුවෙන් මෙහි තාක්ෂණික දෝෂයක් හටගත් අතර එය මේ වන විට යථාතත්ත්වයට පත්කර තිබේ.

නොරොච්චෝලේ බලාගාරය යළි පද්ධතියට එක්කිරීම හරහා දැනට පවතින විදුලි කප්පාදුව යම්තාක් දුරකට සීමා කරගැනීමට හැකිවනු ඇති බවද සඳහන් කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button