ව්‍යාපාරික

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩ පටන් ගනී

ශ්‍රී ලංකාව සමග තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙහෙයුම් ප්‍රධානී මසාහීරෝ නොසාකි පවසා තිබෙනවා.

එම සාකච්ඡා පසුගිය 09 වනදා ඇරඹුණු බවත් එය මැයි 23 වනදා තෙක් සිදුකෙරෙන බවත්, නව රජය පත්කිරීමෙන් පසු ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවද ඔහු තවදුරටත් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වර්ධනයන් අනුගමනය කරමින් සහ ඉහළ යන සමාජ ආතතීන් ගැන සැලකිලිමත් වන බවත් සඳහන් කරනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button