දේශීය

නෙළුම් කුලුන අද සිට විවෘතයි.

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙස සැලකෙන නෙළුම් කුලුන අද (15) පස්වරුවේ සිට ජනතාවට විවෘත කිරීමට නියමිත යි.

ඒ අනුව සතියේ දිනවල පස්වරු දෙකේ සිට රාත්‍රි 10 දක්වාත් සති අන්තයේ දහවල් 12 සිට රාත්‍රි 10 දක්වාත් නෙළුම් කුලුන ජනතාව සදහා විවෘත ව පවතිනවා.

නෙළුම් කුලුනේ පවතින මහල් ව්‍යාපාර සඳහා කාර්යාල පහසුකම්, ප්‍රදර්ශනාගාර, සම්මන්ත්‍රණ ශාලා මෙන්ම සුවිශේෂ අලෙවිසල් සඳහා ආයෝජකයන්ට ලබා ගැනීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.

එමෙන්ම එහි ජාත්‍යන්තර මට්ටමේ උත්සව, ප්‍රසංග සහ ප්‍රදර්ශන සංවිධාන කිරීමට අවස්ථාව හිමි වනු ඇති.

මෙහි දී දේශිය පුද්ගලයන්ට රුපියල් 500 සහ රුපියල් 2000 ප්‍රවේශපත්‍ර වෙන්කර ඇති අතර, විදේශිකයෙකුගෙන් අයකරන මුදල ඩොලර් 20ක්.

රුපියල් 2000ක ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝලිම්වල රැදී නො සිට නෙළුම් කුලුන පරිශ්‍රයට ඇතුළු වීමේ හැකියාව මෙන්ම අවස්ථා කිහිපයක දී වුව ද කුලුනේ ඉහළට යාමට හැකියාව පවතින අතර රුපියල් 500ක ප්‍රවේශපත්‍රයක් ලබා ගන්නා අයෙකුට කුලුනේ ඉහළට යා හැක්කේ එක් වරක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button