දේශීය

ශ්‍රීලන්කන් ගුවන් සේවයට එක්වූ අලුත් ගුවන් යානය

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා එයාර් බස් ඒ-320 වර්ගයේ ගුවන් යානයක් ලීසිං පදනම මත ලබාගෙන තිබෙනවා.

එම යානය ඊයේ (21) මැලේසියාවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති අතර, යානය ලබන 29 වන දින මාලදිවයින බලා පළමු ගුවන් ගමන සිදුකිරීමට නියමිතයි.

මෙම යානය සමග ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා සංඛ්‍යාව 22ක්වන බවද සඳහන්.

ලබන වසරේ ජනවාරි මාසයේදී එයාර් බස් ඒ-330 වර්ගයේ යානයක් සහ මාර්තු මාසයේදී තවත් එයාර් බස් ගුවන් යානයක් ලීසිං පදනම මත ලබාගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අමතරව දැනට භාවිතයට නොගන්නා ගුවන් යානා 02ක් සඳහා එංජින් දෙකක් ලීසිං පදනම මත ලබා ගැනීමටද තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button