දේශීය

අන්තිමට වුණේ පක්ෂය දෙකට කැඩුන එක විතරයි – නාමල්

පක්ෂයක් ලෙ​ස ආණ්ඩුව ගෙන යාමට අපි කෙලින් හිටිය නමුත් එහි ප්‍රතිඵල ලැබුණේ පක්ෂය දෙකට කඩා වැටී​ම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පොදු ජන පෙරමු‍ණේ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහ​තා පවසනවා.

ඔහු පවසන්නේ, එක් එ​ක් පුද්ගලයින්ගේ දේශපාලන මත, මිනිසු​න් හැසිරවී​මේ ආකාරය වෙනස් වුව​ත් අපේ පක්ෂය එවැනි පහත් ආකාරයේ දේශපාලනය සිදු නොකරන බවයි.

ඔවු​න් රටේ ජනතාව වෙනුවෙන් ඍජු තීන්දු තීරණ ගන්න පක්ෂයක් බවයි ඒ මහතා පවසන්නේ.

ජනාධිපතිවරණයට යෝජනා වු නම් බොහෝමයක් තිබුණත් තවමත් පක්ෂය අවසන් තීන්දුවක් ගෙන ‍නොමැති බව ඔහු අවධාරණය කළා.

එමෙන්ම මේ වන විට කිසිදු අපේක්ෂයෙකු පොදු ජන පක්ෂය වෙත ලිඛිතව නොදුන් බවත් තමන් ලිඛිතව ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව​ත් නාමල් රාජක්ෂප මහ​තා වැඩිදුරටත් කියා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ,අද (26) මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ නාමල් රාජපක්ෂ මහතා,

” ආණ්ඩුව අපි හිටියනේ, අපි තාම ඉන්නවනේ, දැන් ඊයේත් අපි පනතකට ගිහිල්ලා චන්දේ දුන්නනේ,ඒ හින්දා ආණ්ඩු පක්ෂෙක ඉන්නවනම් අපි ඒ වගකීම ඉටු කරන්න ඕනේ. ඩබල් ගේම් ගහන්න බෑ. ඒ හින්​දා පැහැදිලිවම අපි කෙලින් හිටියා. අපි ආණ්ඩුව දෙකට කඩන්න කකුලෙන් අදින්න ගියේ නෑ. ඒකේ රිටර්න් එක අපිට හම්බුනේ අපේ පක්ෂේ දෙකට කඩන එකට. ඒක එක එක අයගේ දේශපාලන ක්‍රමවේදය, මිනිස්සු හසුරුවන විදිහ, අපි එවැනි පහත් තැනක ඉදන් දේශපාලනය කරන්නේ නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button