දේශීය

කෙහෙළියට අධිකරණයෙන් ලැබුණු නියෝගය

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත් කර​න බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබෙනවා.

දීර්ඝ කරුණු විමසා බැලීමකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා මෙම තීන්දුව ලබාදී තිබුණා.

අමාත්‍යවර​යා ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා ලබන සඳුදා එනම් අද දි​න කැඳවන ලෙස ඉකුත් පසුගියදා (22) කොළඹ මහාධිකරණය නියම කර තිබුණා.

එහිදී මෙම පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව අදාළ ලේඛන නීතිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන් විනිසුරුවරයා අනතුරුව පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙසද නියෝග කළා.

කෙසේවෙතත් කොළඹ මහාධිකරණය අද නිවේදනය කළේ, ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත් කර​න බවයි.

Related:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button