ක්‍රීඩා
ලෝකයේම අවධානය දිනාගත් පැරිස් ඔලිම්පික් ක්‍රීඩකයා
2024 පැරිස් ඔලිම්පික් උළලේදි වායු පිස්තෝල (Airpristol) තරඟයකට මුහුණ දුන් තරඟකරුවෙක් ගැන මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
ඒ තුර්කි වායු පිස්තෝල වෙඩික්කරුවෙක් වූ යූසුෆ් ඩිකෙක් (Yusuf Dikec) නම් පුද්ගලයායි.
ඔහු එම තරඟ වටයේදී විශේෂ කාච, ඇස් ආවරණයක් හෝ කන් ආරක්ෂාවක් නොමැතිව මෙම තරඟයට මුහුණ දි තිබීම විශේෂත්වයක්.
අවුරුදු 51ක් වයසැති මෙම තරඟකරුවා සාක්කුවේ එක් අතක් තබාගෙන අවම ආම්පන්නයක් පැළඳ ඉලක්කයක් ගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වුණා.
ඔහු එම තරඟ වටයෙන් රිදී පදක්කම දිනා ගැනීමටද සමත් වී තිබෙනවා.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ, X සමාජ මාධ්‍යයේ මෙම ඡායාරූපය මිලියන 62ක් නරඹා ඇති බවයි.