දේශීය

තැපැල් වර්ජනය මධ්‍යම රාත්‍රියෙන් අවසන්

තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් ඊයේ (08) සිට තැපැල් සේවකයින් මෙම වැඩ වර්ජනයේ නිරත වී තිබුණා.

කෙසේවෙතත්, තැපැල් සේවය අත්‍යවශ්‍යය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි ඊයේ පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, ඊයේ දින සිට දින 03ක් තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ද තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත්, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, සිය ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට බලධාරින් ඉදිරියේදී කටයුතු නොකරන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තිව්‍ර කිරීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button