දේශීය

තැපැල් ඡන්ද ප‍්‍රතිඵල අසත්‍යයි

තැපැල් ඡන්ද වැඩි වශයෙන් සිය ජනාධිපතිධූර අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇතිබවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා පවසනවා.

එවැනි අසත්‍ය ප්‍රකාශ හමුවේ ඡන්ද දායකයින්ගේ නිවැරදි මතයට බලපෑම් එල්ලවිය හැකි බවයි ඔහු පවසන්නේ.

තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුවනුයේ 21 වැනිදා පස්වරු 04.00 පසුවයි.

එලෙස ගණන් කිරීමකින් තොරව කිසිසේත් එවැනි ප්‍රතිශත සඳහන් කල නොහැකියි.

එවැනි උපකල්පන වලට පැමිණීමට කිසිදු දේශපාලන පක්ශයකට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ඒ මහතා පවසනවා.

1988 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත අනුව එවැනි සාවද්‍ය මත ප්‍රකාශ කිරීම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා බාධාවක් බව නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button