දේශීය

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(01) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් මෙහිදි ජනාධිපතිවරයා විසින් අදහස් දක්වනු ඇති.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එමඟින් ශ්‍රී ලංකාවේ ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳ පැහැදිලි අවබෝධයක් මහජනතාවට ලබාගත හැකි අතර, අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button