පහුගිය ආණ්ඩුවෙන් දෙමළ ජනතාවට මුකුත් කළේ නැහැ – රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන්
පසුගිය රජය සමයේ දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශවලට කිසිම සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවූ බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසූවේ ගංවතුර බලපෑම් නිසා දැඩි ලෙස අබලන් තත්වයේ පැවති කොක්කඩිචෝල සහ අම්බිලාන්තුරෙයි ප්‍රදේශය යා කරමින් කැඩී ගිය පාලම නැවත ඉදිකර විවෘත කිරීමේ උත්සවයට පසුගියදා සහභාගි වෙමින්.
මෙම පාලම රුපියල් මිලියන 15ක වියදමින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූවේ පසුගිය රජය පැවති කාලසීමාවේදී උතුරු නැගෙනහිර පළාත්වල විශේෂයෙන් දෙමළ ජනතාව ජීවත් වන දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනයක් සිදුනොවුනු බවයි.
එහෙත් වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව නිවැරදි ලෙස අවශ්‍යතාවන් හදුනාගෙන මුදල් බෙදා හැරීම නිසා දෙමළ ගම්මාන වලටද ප්‍රධාන මාර්ග, පාලම්, ජල සම්පාදන ව්‍යාපෘති යන ක්ෂේත්රයන් මෙන්ම සංවර්ධනය වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරෙන බව ඒ මහතා සදහන් කරනවා.