එළවළු මිල තුන්ගුණයකින් ඉහළ යයි
ඉතිහාසයේ වැඩිම එළවළු මිල ඊයේ (03) වාර්තාවූ බව වෙළෙඳ සංගමයේ අනුශාසක ශාන්ත ඒකනායක මහතා පවසනවා.
ඒ මහතා පැවසුවේ, දඹුල්ල තොග වෙළෙඳපොළට ලැබුණ එළවළු තොගවලින් 60 % ක පමණ කිලෝවක තොග මිල රුපියල් 500 ඉක්මවා ගිය බවයි.
ඒ අනුව කැකිරි රු.60/ ත්, පිපිඤ්ඤා රු.50 ක් සහ රාබු රු.40/ කිලෝවක තොග පහළ ගොස් තිබුණා.
ගෝවා, බෝංචි, කැරට්, තක්කාලි, කට්බීට්, වැටකොළු, බණ්ඩක්කා ඇතුළු එළවළු කිහිපයක තොග මිල රුපියල් 300ත් 500ත් අතර මිලක පැවැතුණ අතර වම්බටු, එළබටු, තුඹ කරවිල අමු මිරිස් මාළු මිරිස් ඇතුළු එළවළු කිහිපයක තොග මිල රුපියල් 500ය ඉක්මවා ගිය බවද වාර්තාවනවා.
ඊයේ දඹුල්ල තොග වෙළදපළට එළවළු කිලෝ ලක්ෂ 04ක් පමණ ලැබුණ බවත් රටපුරා ලැබෙන එළවළු තොගය ප්‍රවාහනය ඉතා සීමාවීම නිසා සිල්ලර වෙළෙඳපොළේ මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙනවා.
කෙසේවෙතත් ඉදිරි දෙසතියේදී පමණ එළවළු කිලෝවක තොග මිල රුපියල් දහස ඉක්මවා යනු ඇති බවද තොග වෙළෙන්දන් අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර සිල්ලර වෙළදපළේ එළවළු මිල තුන් ගුණයකින් ඉහළ දමා තිබුණා.