දේශීය
Breaking: ක්‍රිකට් ලොක්කෝ ඉවත් කරන යෝජනාව ඒකමතිකව සම්මතයි
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/11/cricket-13.jpg)
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර තිබෙනවා.
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව මෙම යෝජනාව රැගෙනවිත් තිබුණා.
ඒ අනුව එම යෝජනා අද සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීරවරුන්ගේ එකඟතාවමත සම්මත වුණා.
කෙසේවෙතත් අදාළ ජන්ද විමසීමේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගීවී නොසිටී බවයි සඳහන්වන්නේ.